කේරළ ගංජා කිලෝ 18 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

මාර්තු 03, 2021

තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පසුගියදා සිදුකළ විශේෂ වැටලීමකදී නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 18 ක් සහ ග්‍රෑම් 505 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානය සමඟ තලෙයිමන්නාරම් පොලිසිය එක්වී මාර්තු මස 01 වන දින ඌරුමලේ ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පාර්සල් 10 ක අසුරා ලඳු කැලයක් තුළ සඟවා තිබියදී මෙම කේරළ ගංජා තොගය සොයා ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි කටයුතු සඳහා තලෙයිමන්නාරම් පොලිසිය වෙත භාර දුන් බව නාවික හමුදාව පැවසීය.