ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ විශේෂ ප්‍රකාශය

අප්‍රේල් 21, 2019

අද පෙරවරු 0830 සිට පෙරවරු 0900 දක්වා කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල වි තිබෙනවා.

එම අවසානාවන්ත සිද්ධියෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙත රජය බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, මියගිය සියළු දෙනාගේම අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරිමට නියමිතය. තුවාල ලැබු පිරිසට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයන් සියළු දෙනාම මේ වන විට රෝහල්ගත කර ඇති අතර ඔවුන්ට වැඩිදුර ප්‍රතිකාර සිදුකරනු ලබනවා.

එම සිදුවිමෙන් තුවාල ලැබු පිරිස අතරට විදේශකයින්ද ඇතුලත් එම සංචාරක හෝටල් තුල රැදි සිටි අනෙකුත් විදේශ සංචාරකයන් වෙනත් හෝටල් වෙත යොමුකර තිබෙනවා.

සිද්ධිය පිළිබඳව ආරක්‍ෂක අංශ පුළුල් පරික්ෂණ මේ වන විට ආරම්භ කර ඇති අතර, රට තුල ආරක්ෂාව තරකර තිබෙනවා. කිසිදු කටකථාවකට අසුනොවි මෙම ශෝකජනක අවස්ථාවේ ආරක්‍ෂක අංශ වෙත සහයෝගය ලබාදෙමින් සාමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගරු රුවන් විජයවර්ධන

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය