ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයෙන් අවුරුදු පොලක්

අප්‍රේල් 09, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ විශේෂ “අවුරුදු පොළ” අද දින උදෑසන (අප්‍රේල් 09) අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. ආරක්‍ෂක අමාත්‍යංශයී‍ය සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පොළෙහි සමාරම්භක අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.

ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික අයවලුන් සමග එක්ව මෙම පොලෙහි වෙළඳ කුටි පවත්වාගෙන යනු ලබන අතර, නැවුම් එළවලු, වියලි සලාක, කරවල ,මාළු, මස්, කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම පාවහන්, රෙදිපිළි ඇතුළු අවුරුදු සමයේ නිවසට අවශ්‍ය විවිධ භාණ්ඩ සාධාරණ මුදලට අමාත්‍යාංශ සේවකයින් වෙනුවෙන් මෙහිදී ලබාගැනීමේ හැකියාව පවතී.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන්කේජිකේ නැම්මවත්ත, අමාත්‍යංශයීය ජ්‍යෙෂ්ඨ නිලධාරින්, හමුදා නිලධාරින් සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම අවුරුදු පොලෙහි සමාරම්භක අවස්ථාවට සහභාගි වී සිටියහ.