6 වන ඉන්දු - ශ්‍රී ලංකා ආරක්‍ෂක සමුළුව පැවැත්විණි

අප්‍රේල් 08, 2019

අද (අප්‍රේල් 08) ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවති 6 වන ඉන්දු -ශ්‍රී ලංකා ආරක්‍ෂක සමුළුව සඳහා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සංජේ මිත්‍රා     (Mr. Sanjay Mitra) මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී විය.

    2012 වර්ෂයේ සිට ආරම්භ කරන ලදුව, වාර්ෂිකව පවත්වනු ලබන ඉන්දු - ශ්‍රී ලංකා ආරක්‍ෂක සමුළුව මගින් දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාවයේ සමස්ත විෂය පථය සමාලෝචනය කරන අතර, එහි නව අවශ්‍යතාවයන් පිළිබඳවද සාකාච්ඡා කරනු ලබයි.

    මෙම හමුවේ දී දෙපාර්ශ්වය විසින්ම ද්විපාර්ශ්වීය වැදගත්කමකින් යුක්ත ආරක්‍ෂක කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

    මේ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුධ හා නාවික හමුදාපතිවරුන්, දෙරටේම ආරක්‍ෂක අමාත්‍යංශ ඡ්‍යේෂ්ඨ නිලධාරීන් සහ දෙරටේම හමුදා නියෝජිතයන් පිරිසක් සහභාගී වුහ.