යුද්ධ හමුදාව උතුරේ ජනතාව වෙනුවෙන් ආර්ථික වටිනාකමකින් යුත් පැල බෙදා දෙයි.

සැප්තැම්බර් 14, 2019

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සිටින භටපිරිස් විසින් ‘හඳබිම අධිකාරිය’ සමඟ සම්බන්ධීකරණයෙන් සැප්තැම්බර් මස 09 වන දින පැවති උත්සවයකදී සිවිල් වැසියන් 300 දෙනෙකු වෙත අඹ,කොස්,කජු ඇතුළු පැල 2000 කට අධික ප්‍රමාණයක් බෙදා දෙනු ලැබීය.

එදිනම පූනරින් අරසපුරකුලම් හි පැවති තවත් උත්සවයකදී සිවිල් වැසියන් 120 දෙනෙකුට එවැනි ආර්ථික වටිනාකමක් ඇති පැල බෙදාදෙන ලදී.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා ජනතාව දිරිගැන්වීමේ අරමුණින් අඹ පැල  200 ක්, කජු පැල 910 සහ කොස් පැළ 1150 ක් ඇතුළත් වටිනා පැළෑටි දේශීය ජනතාව අතර බෙදා හැරීම සදහා  ‘හඳබිම අධිකාරිය’ විසින් ලබා දී ඇත. මෙමගින් අනාගතයේදී පළතුරු සහ ආහාර අවශ්‍යතාවයද සපයමින් ආර්ථික ප්‍රතිලාභද ලබාදෙනු ඇත.

මේ අතර, මුලතිව් ප්‍රදේශයේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ පවුල් 250ක් අතර පොල් පැල 500 ක් ද බෙදා දී ඇත.