ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනයේ දූපත් හි පෙර පාසල් ඉදිකෙරේ

ඔක්තෝම්බර් 24, 2019

ප්‍රජා සුභසාධන කටයුතු වෙනුවෙන් කැපවෙමින් ක්‍රියා කරන ශ්‍රී ලංකා නාවික හමුදාව එහි තවත් පියවරක් ලෙස උතුරු අර්ධද්වීපයේ පෙර පාසල් දෙකක් ඉදිකිරීම සදහා සහාය විය. ඒ අනුව මෑතදී මන්ඩතිව් සහ පුන්කුඩුතිව් දූපත් වල ඉදිකරන ලද ගොඩනැගිලි දෙකක් මහජන ප්‍රයෝජනය සඳහා පවරා දී ඇත.

නාවික හමුදා මාධ්‍යට අනුව, මන්ඩතිව් දූපතේ නවතමයෙන් ඉදිකරන ලද පෙර පාසල මන්ඩතිව් සහකාර ප්‍රාදේශීය ලේකම් එස්. රජීව් මහතා විසින් අඟහරුවාදා දින (ඔක්තෝබර් 22) විවෘත කරන ලද අතර පුන්කුඩුතිව් දුපතේ නාවික හමුදාව විසින් සපයන ලද ශ්‍රම දායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද පෙර පාසල වෙලනි සහකාර ප්‍රා‍දේශිය ලේකම්, එස් රජිවන් මහතා විසින් විවෘත කරන ලදී.

නාවික හමුදාව මගින් සිදු කරන මෙම ප්‍රජා සුභසාධන කටයුතු නිසා බොහෝ ප්‍රයෝජන ලබා ඇති එම දූපත්හි වෙසෙන සාමාන්‍ය ජනතාවගේ පැසසුම නාවික හමුදාවට හිමිවිය. ජාතික සංහිදියා වැඩසටහන සඳහා දායක වෙමින්  නාවික හමුදා සමාජ වගකීම් ව්‍යාපෘතිය යටතේ මෙම ගොඩනැගිලි ඉදිකර ඇත.