හේලීස් සමාගම රබර් අත්වැසුම් යුගල 10,000 ක් පරිසර පොලිසියට පරිත්‍යාග කරයි

ජනවාරී 07, 2020

පරිසරය සංරක්ෂණය කිරීම සඳහා රජය ගෙන ඇති පියවරට සහාය දැක්වීමේ අරමුණින් හේලීස් සමාගම යටතේ ක්‍රියාත්මක වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (ඩීපීපීඑල්සී) සමාගම රබර් අත්වැසුම් පොලිස් පරිසර ආරක්ෂණ අංශය වෙත ලබාදීමේ උත්සවය අද දින ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.  

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත රබර් අත්වැසුම් යුගල 10,000 බාර දෙන ලදි.

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පන්ඩිතගේ මහතා විසින් ආරක්ෂක ලේකම් තුමන් වෙත රබර් අත්වැසුම් යුගල 10,000 ක් බාර දෙන ලදි.  

පසුව මෙම රබර් අත්වැසුම් යුගලයන් වැඩ බලන පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතා වෙත බාර දෙන ලදි. එතුමන්  විසින් පොලිස් පරිසර ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඩි.එස් කේ.පුෂ්ප කුමාර මහතා වෙත බාර දෙන ලදි.  

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පරිසරය ආරක්ෂා කිරිමට ගත් ක්‍රියාමාර්ගයට පූර්ණ සහයෝගයක් ලෙස මෙම පරිත්‍යාග සිදුකර ඇත.  

ශ්‍රි ලංකා පොලිසියේ සෘජු දායකත්වයෙන් සිදු කරනු ලබන මෙම පරිසර හිතකාමි වැඩසටහන මඟින් මේ වන විට පරිසරය ආරක්ෂා කිරිමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරේ.  

පොලිස් පරිසර ආරක්ෂණ අංශය වෙත බාර දුන් මෙම රබර් අත්වැසුම් යුගල 10,000 එම වැඩසටහන සඳහා ඉමහත් සහයක් වේ.   

සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මෙහෙයුම් පුෂ්පික ජනධීර, අධ්‍යක්ෂ මූල්‍ය රමේෂ් නානායක්කාර, අධ්‍යක්ෂ විකුණුම් ඉන්දික කුලතුංග සහ සමාගමේ ආරක්ෂක කළමණාකරු හේමන්ත අධිකාරි යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.