ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරයි

මාර්තු 05, 2020
  • හෙරොයින් කිලෝග්‍රෑම් 400 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් රැගෙන යමින් තිබු ට්‍රෝලර් යාත්‍රා තුනක් නාවික හමුදාව විසින් දකුණු මුහුදේ නාවික සැතපුම් 600 ක දුරකදී අත්අඩංගුවට ගෙන ඇත.
  • මේ වන විට රු. බිලියන 18 ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය මෑත කාලයේ සිදුකරන ලද නාවික මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එකාබද්ධව දින 25 ක් පුරා සිදු කරන ලද මෙහෙයුමකදී විදේශීය ධීවර යාත්‍රා තුනක ගබඩා කර තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 400 ක් සහ අයිස් (crystal methamphetamine) කිලෝග්‍රෑම් 100 ක්  අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය  මුහුදේදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ නාවික සැතපුම් 600 ක දුරකදී විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 16 කට අධික සංඛ්‍යාවක් සිටි ධීවර බෝට්ටු දෙක අත්අඩංගුවට ගෙන තිබේ.

“බුද්ධි අංශ තොරතුරු වලට අමතරව විවිධ ජාත්‍යන්තර ප්‍රභවයන්ගේද සහාය ඇතිව සැක සහිත කුඩා බෝට්ටු හඳුනාගැනීමට සහ විශ්ලේෂණය කිරීමට අපි චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කළා.” නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මාධ්‍ය වෙත පැවසීය.

මිනිස් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය නාවික මෙහෙයුම් වලදී නවීන තාක්‍ෂණය භාවිතා කරන බැවින් තවදුරටත් මුහුදේ මිනිස් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම දුෂ්කර වනු ඇති බව ඔහු පැවසීය.

“අප විසින් ජාවාරමට සම්බන්ධ විදේශිකයන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා” නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය අද දින දික්ඕවිට  වරායට  ගෙන ආ  අවස්ථාවේදී ඔහු මාධ්‍ය අමතමින් පැවසීය.   .

රට තුළ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ජාත්‍යන්තර, ආසියානු සහ අභ්‍යන්තර යනුවෙන් කොටස්  තුනක් ඔවුන් විසින් හඳුනාගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සංජිව මැදවත්ත පැවසීය.

“මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින හෙයින්, මෙම ජාවාරමට සම්බන්ධ සියලු පුද්ගලයින් අපි නීතිය ඉදිරියට ඉදිරිපත් කරනවා” ඔහු ප්‍රකාශ කළේය. ජාවාරම්කරුවන් අනන්‍යතාව තහවුරු නොකරන ලද යාත්‍රා යොදාගනිමින් ජාවාරම සිදු කල අතර සමුදුර හා සයුරළ නෞකා මේ මෙහෙයුම සඳහා යොදවා තිබිණි.   

ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රාද මත්ද්‍රව්‍ය පාර්සල් ජාවාරම්කරුවන්ගෙන් ගැඹුරු මුහුදේදී ලබා ගන්නා  බවට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හදුනාගෙන ඇත.

“මුහුද හරහා රට තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම සම්පුර්ණයෙන්ම නතර  කළ නොහැකි මෙන්ම  ප්‍රායෝගික නොවේ, නමුත් එතුලින් මතුවන්නේ රට තුළ මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම හා පරිභෝජනයයි” වයිස් අද්මිරාල් ද සිල්වා පැවසීය.

“මෙය රජය මගින් ලැබෙන හා අදාළ පාර්ශවයන්ගේ සම්බන්ධීකරනය  තුලින් ලබාගෙන ඇති ඉහළ මට්ටමේ ප්‍රවේශයකි. අපගේ අපේක්ෂාව වන්නේ අනාගත පරපුර සඳහා මත්ද්‍රව්‍ය වලින් තොර ජාතියක් බිහි කිරීමයි,” ඔහු අවධාරණය කළේය.