නිවසේ සිට වැඩ කරන කාල සිමාව අප්‍රේල් මස 03 දක්වා දීර්ඝ කෙරේ.

මාර්තු 27, 2020

දිවයින පුරා ව්‍යාප්තව පවතින කොරෝනා -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් රජය නිවසේ සිට වැඩ කරන කාල සිමාව මාර්තු මස 30 වන දා සිට 2020 අප්‍රේල් මස 03 වන දින දක්වා දීර්ඝ කර ඇත.

අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලට එය අදාළ වේ.