නිරෝධායනයෙන් පසු 501 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවෙස් කරා පිටව යයි.

මාර්තු 27, 2020

ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ පූනානි,කන්දකාඩු සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වල දින 14 ක කාලයක් නිරෝධායනට භාජනය වූ තවත් 501 දෙනෙකු අද (27)දින උදෑසන ආපසු සිය නිවෙස් කරා පැමිණියහ. එම ස්ථාන වල නිරෝධායනයට භාජනයවූ විදේශිකයන් සිව් දෙනෙකුද අද (27)දින ඉන් පිටත්ව ගියහ.

යුද හමුදාව විසින් ගාල්ල,කොළඹ,මහනුවර,කඩාවත,කුරුණගල සහ මාතර යන ප්‍රදේශවලට ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් සපයන ලදි.