කාර්ය සාධක බලකාය විසින් ගෙයින් ගෙට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම ආරම්භ කරයි

මාර්තු 27, 2020

අත්‍යවශ්‍ය ආහාර හා අනෙකුත් භාණ්ඩ බෙදා හැරීම කළමනාකරණය සඳහා වූ කාර්ය සාධක බලකාය විසින්,ගෘහස්ථව රැඳී සිටින්නන් හට අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා අඛණ්ඩව ගෙන් ගෙට භාණ්ඩ සැපයුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් රජය කියා සිටියේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතරතුර කිසිවෙකුට මාර්ගවල ගමන් කිරීමට අවසර නොමැති බවත් කාර්ය සාධක බලකාය විසින් අවසර දී ඇති බෙදාහැරීමේ වාහන සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට පමණක් මාර්ග භාවිතා කල හැකි බවත්ය.

වලංගු ඇඳිරි නීති අවසරපතක් නොමැතිව කිසිදු වාහනයකට පොදු මාර්ග භාවිතයට අවසර නොමැති අතර දැඩි ලෙස ඇඳිරි නීතිය ක්‍රියත්මක කරන ලෙස පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දි ඇත.