COVID-19 අන්තරාය අඩු වූ පසු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට පැමිණීම සඳහා සිදුකරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බලන බව රජය පවසයි

මාර්තු 28, 2020

COVID-19 අවදානම දේශීය හා ගෝලීය වශයෙන් අඩු වීමෙන් පසු නැවත මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්, ව්‍යාපාරිකයින් සහ විදෙස් ශ්‍රමිකයින් කිහිප දෙනෙකු විසින් කරන ලද ඉල්ලීම් සලකා බලන බව රජය පවසයි.

ශ්‍රී ලංකාව වෙත ආපසු පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්‍ෂිතව රැඳී සිටින ලෙසත් ඔවුන්ගේ තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ කොන්සල් ජෙනරාල් කාර්යාලය වෙත ලබාදෙන ලෙසත්  විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ඉල්ලා සිටී.