‘සත්විරු අභිමන්’ උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී

ජුලි 22, 2019

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් වෙනුවෙන් වූ ‘සත්විරු අභිමන්’ සුභසාධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුග්‍රහයෙන් අද (ජූලි 22) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සිදුකරන මෙම ජාතික වැඩසටහන මගින් මියගිය හා ආබාධිත සහ විශ්‍රාමික, රාජකාරියේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ පවුල් සදහා සුභසාධන ප්‍රතිලාභ පිරිනැමේ. මෙම වැඩසටහන අද සවස 4.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙම උත්සවයේදී ප්‍රතිලාභීන් විශාල පිරිසක් සදහා නව නිවාස, අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසවල ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා අරමුදල්, ඉඩම් සහ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ