දියතලාව සහ පුනානී නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 132 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් තම නිවෙස් බලා පිටත් වෙයි.

මාර්තු 30, 2020

දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව තවත් 132 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද සිය නිවෙස් බලා  ගොස් ඇත.

ඔවුන් දියතලාව සහ පුනානී නිරෝධායන මධ්‍යස්ථානයන්හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූහ. යුධ හමුදාව පවසන පරිදි දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 76 දෙනෙකු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 56 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ අවසන් කර අද උදෑසන සිය නිවෙස් බලා පිටත්ව ගියහ. ඔවුන් වෙත නිරෝධායන සහතිකයද ලබා දී ඇත.