COVID-19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් හය දෙනෙකු හදුනා ගැනීම නිසා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරණෝදය මාවත මුද්‍රා තබයි.

මාර්තු 30, 2020

COVID -19 රෝග ලක්ෂණ පෙන්නුම් කල වැඩිහිටි පුද්ගලයින් සිව්දෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු හමුවීමත් සමග  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරණෝදය මාවත මුද්‍රා තබා ඇත.

ඔවුන් ‘දිව්‍යමය සේවය’ විසින් සංවිධානය කළ සූරියවැව ප්‍රදේශයේ දේවගැතිවරයෙකු සමඟ වන්දනා ගමනකට සම්බන්ධ වී ඇති අතර මිනිසුන් සහිත බස් රථ දෙකක් මේ සදහා යොදාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධියෙන් පසු අතුරුදහන් වී සිටි දේවගැතිවරයා පොලීසිය විසින් සොයා මේ පිළිබදව ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ප්‍රදේශයේ පවුල් අටක් මේ වන විට නිරෝධායන වෙමින් සිටීන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.