නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කල 321 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ

මාර්තු 31, 2020

නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 321 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද (මාර්තු 31) දින නිරෝධායන මධ්‍යස්ථාන වල සිට සිය නිවෙස් බලා පිටත් වීමට නියමිතය.

ඔවුන් අතුරින් 104 දෙනෙකු පෙරියකාඩු , 11 දෙනෙකු  පූනානි සහ 204 දෙනෙකු පුරවසකුලම් නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල බව යුද හමුදාධිපති  ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා ඊයේ  රාජගිරිය  COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පැවසීය.