හෙට දිනට පෙර ලියාපදිංචි වීමෙන් වැළකී සිටින අය අත්අඩංගුවට - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

මාර්තු 31, 2020

විදේශ රටවල සිට මාර්තු 16 දිනෙන් පසු මෙරටට පැමිණි පුද්ගලයින් හෙට (අප්‍රේල් 1) දින දහවල් 12 ට පෙර ලියාපදිංචි විය යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

නිරෝධායන හා රෝග නිවාරණ ආඥා පනත හෝ අපරාධ නීතිය යටතේ නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමුවීම වෙනුවෙන් උපදෙස් නිකුත් කර ඇති පරිදි ලියාපදිංචි වීම හෙට දිනට පෙර සිදුකිරීම මග හැර සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව ඔහු පැවසීය.