දිවයින පුරා ඖෂධ බෙදා හැරීම තැපැල් දෙපාර්තමේන්තුව වෙතින්

මාර්තු 31, 2020

රජයේ රෝහල්හි සායනවලදී නිකුත්කරන ඖෂධ බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හරහා රට පුරා ඖෂධ බෙදා හැරීම ඊයේ දින සිට ආරම්භ කරන ලදී.

“පුද්ගලික අංශයන්ගෙන් ඖෂධ මිලදී ගන්නා අය සඳහා දිවයින පුරා පුද්ගලික ඔසුසැල් 1100 ක් විවෘත කිරීමට අපි අවසර දී තිබෙනවා. ”වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.