වන්නි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක් වූ තවත් පුද්ගලයින් 206 දෙනෙකු සිය නිවෙස් වලට

මාර්තු 31, 2020
 

වන්නි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ පුද්ගලයන් 206 දෙනකු අද (මාර්තු 31) දින උදෑසන එම මධ්‍යස්ථානයෙන් පිටත් ව ගොස් ඇත.

 

මෙම පුද්ගලයින් මාර්තු මස 17 වන දින විදේශ රටවල සිට මෙරටට පැමිණි අය වන අතර ඔවුන් මෙරටට පැමිණි වහාම වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය කරා එහි අණදෙන නිලධාරී එයාර් කොමදෝරූ ඩීසීඅයි වීරසූරියගේ අධීක්ෂණය යටතේ යොමුකරන ලදි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පිහිටුවන ලද පළමු නිරෝධායන මධ්‍යස්ථානය මෙය වේ.

ගුවන් හමුදා මෙහෙයුම් නිරෝධායනය මධ්‍යස්ථානය වෛද්‍ය උපකරණ සහ නිරෝධායනය ලක්වන පුද්ගලයන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් සමන්විතය.

ගුවන් හමුදා මාධ්‍යයට අනුව, බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු සහ පිලිපීන ජාතික  කාන්තාවක් ද නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 206 දෙනා අතරට ඇතුළත්ය. මෙම පුද්ගලයන් තම නිවෙස් බලා ගිය පසු නැවත එම නිවෙස්හි දී ද දින 14ක ස්වයං නිරෝධායනයට ලක්විය යුතු වේ.