අධි අවදානම් කලාපවල ඇඳිරි නීතිය හෙට දිනයේත් එලෙසම පවතින අතර අනෙකුත් ප්‍රදේශවල ඇදිරිනීතිය හෙට දින ලිහිල් කරනු ඇත

මාර්තු 31, 2020

අධි අවදානම් කලාපවලට (කොළඹ, ගම්පහ,කළුතර , පුත්තලම, මහනුවර සහ යාපනය) පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු නොවෙනස්ව පවතින අතර හෙට (අප්‍රේල් 1) දින අලුයම 6.00 ට අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කර නැවත එදිනම සවස 2.00 ට නැවත පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.