මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම ඉහළයි - ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ද සිල්වා

අප්‍රේල් 01, 2020

ශ්‍රී ලංකා නාවික  හමුදාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බව අනාවරණය කරයි. එය රු. බිලියන 12.5 ක ඉහළ වටිනාකමක් ගනි.

ශ්‍රී ලංකා නාවික හමුදාව   මාර්තු 28 වන දින ඉන්දියානු සාගරයේ ජාත්‍යන්තර මුහුදේ ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 ක් ඇතුළු මත්ද්‍රව්‍ය ටොන් එකක් පමණ රාජසන්තක කළේය.

මත්ද්‍රව්‍ය තොගය අත්පත් කර ගැනීම මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු මෙහෙයුම් වල මෑත කාලීන සාර්ථකත්වයන් ඉස්මතු වන්නේ චන්ද්‍රිකා ඡායාරූප සහ ජාත්‍යන්තර පාර්ශව ඇතුලු බහුපාර්ශව කරුවන්ගේ ලැබු සහයෝගිතාවය හේතුවෙනි.

මේ අතර, මෙය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වේ.

අද (අප්‍රේල් 01) අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ප‍්‍රදර්ශනය කළ දික්ඕවිට  ධීවර වරායේ පැවති මාධ්‍ය හමුවකදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා  මේ බව අනාවරණය කළේය.

“ජාත්‍යන්තර ආයතනයක් විසින් සැක සහිත  නෞකාවක චන්ද්‍රිකා ඡායාරූපයක් ලබා දිම හෙතුවෙන්  නාවික හමුදාව මෙම විශේෂිත මෙහෙයුම සඳහා පූර්ව සූදානමකින් පසුවුවා . සැක කටයුතු නෞකාවේ පිහිටීම නිරන්තරයෙන් වෙනස්වන බැවින් නාවික හමුදා බුද්ධි අංශයේ සහාය ඇතිව නාවික මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය මෙම සමස්ත මෙහෙයුම සැලසුම්  ගතකලා ”. ඔහු පැවසුවේය.

පසුගිය දින කිහිපය තුළ නාවික හමුදාව විසින් ධීවර යාත්‍රා සහ බෝට්ටු 125 කට අධික සංඛ්‍යාවක් සෝදිසි කර ඇති බවත්  ශ්‍රී ලංකා නාවිකහමුදාවේ බොහෝ යාත්‍රා විශේෂිත නාවික මුර සංචාර කලාපවල යොදවා ඇති බවත්  වයිස් අද්මිරාල් ද සිල්වා  පැවසීය.

සැකකටයුතු නෞකාව රටේ දකුණු වෙරළට නාවික සැතපුම් 463 ක් (කි.මී. 835) පමණ දුරින් සොයාගෙන ඇත.

“ධීවර නෞකාවේ ලියාපදිංචිය ප්‍රකාශයට පත්කිරීමට අපොහොසත් වූ බැවින්, ධීවර යාත්‍රාව වෙත ළඟා වූයේ, විශේෂයෙන්ම මේ සඳහා මර්තු 28 දින යොදවන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නම් වෙරළබඩ මුර සංචාරයේ යෙදෙන නෞකාවක් වන අතර පසුව සැකකටයුතු යාත්‍රාව ලුහුබැදිම  සඳහා සෝදිසි කණ්ඩායම් දෙකක් යොදවා තිබුණි. ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන්ගෙන් ‘COVID-19’ සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත ආම්පන්න පැළඳ   සෝදිසි මෙහෙයුම්  සිදු කිරිම සඳහා අපට අමතර ආරක්ෂක පියවර ගත යුතුව තිබුණි”.ඔහු පැවසීය.

නාවික හමුදාපතිට  පවසන පරිදි, කාර්ය මණ්ඩලයේ සිටි නවදෙනාම    පාකිස්තාන ජාතිකයන් වන අතර ඔවුන් දැනට ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවෙති.

“මුළු රටම COVID-19 වසංගතයට එරෙහිව සටන් වදින අතර, මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය සොයාගැනීමෙන් පෙනී යන්නේ දිවයිනේ මත්ද්‍රව්‍ය සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි.

“ශ්‍රී ලංකාව තුළ කොරොනා  පැතිරීම පාලනය කිරීම සඳහා රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ට සහාය දැක්වීමට අප දරන උත්සාහය මධ්‍යයේ, රජයේ ‘මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයට’ සහය දැක්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව වැදගත් කාර්යය භාරයක් ඉටු කරනු ඇත.” වයිස් අද්මිරාල් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව   මෑතදී සිදු කරන ලද සැලකිය යුතු අනාවරණ ගණන විස්තර කරමින් ඔහු කියා සිටියේ 2019 දී කේරළ ගංජා, හෙරොයින් සහ  අයිස්  ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4,418 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව    විසින් අත්අඩංගුවට ගත් බවයි.

“2020 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව    විසින් කිලෝග්‍රෑම් 4,000 කට වඩා මත්ද්‍රව්‍ය රාජසන්තක කර තිබේ.” ඔහු පැවසුවේය

ශ්‍රී ලංකා නාවික හමුදාව     සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය   ඒකාබද්ධ මෙහෙයුමක දී පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව    විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 400 ක් සහ ‘අයිස් ’ නමින් හැඳින්වෙන  මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් තොගයක් රාජසන්තක කර තිබේ.