රණවිරු සේවා අධිකාරිය වෙත අත් වැසුම් සහ මුහුණු ආවරණ පරිත්‍යාගයක්

අප්‍රේල් 02, 2020

COVID - 19 පැතිරීම පාලනය කිරීමට රජය ගෙන ඇති පියවරට සහය දක්වමින් Metallurgical  Corporation of China Ltd විසින් අත්වැසුම් සහ මුහුණු ආවරණ තොගයක් අද (අප්‍රේල් 02) දින රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කර ඇත. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර වෙත අත්වැසුම් සහ මුහුණු ආවරණ යුගල 4000 ක ප්‍රමාණයක් පැවති කෙටි උත්සවයක දී භාර දී තිබේ.