යුද්ධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වූ තවත් 288 දෙනෙකු ඉන් පිටව යයි

අප්‍රේල් 03, 2020

දියතලාව, රන්ටැඹේ, පෙරියකාඩු, බෝගොඩ සහ පල්ලෙකැලේ යන නිරෝධායන මධ්‍යස්ථාන වල දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසු  288 දෙනෙකු අද දින () සිය නිවෙස් බලා පිටව ගියහ.

නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය වූ මෙම පිරිසට නිරෝධායන සහතිකය ලබා දුන් අතර ඔවුන් සඳහා ගාල්ල , කොළඹ, මහනුවර සහ කුරුණෑගල යන නගර දක්වා ප්‍රවාහන පහසුකම්ද සපයන ලදී.

ගමන අතරතුරදී ඔවුනට අවශ්‍ය කෙටි ආහාර, ජලය, දිවා ආහාර පාර්සල්  ද ලබා දෙන ලදී.