සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සොයිසාපුර ප්‍රදේශවාසින් වෙත එළවළු ලබා දෙයි

අප්‍රේල් 04, 2020

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ප්‍රදේශවාසින් වෙත සහන මිලට එළවළු ලබා දී ඇත.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පිරිස්ගේ මගපෙන්වීම මත COVID-19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් පනවා ඇති ඇඳිරි නීති කාලසීමාවේදී මහජනතාව අතර ආහාර සහන බෙදා හැරීම CSD විසින් ආරම්භ කර ඇත.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන පරිදි එම එළවළු නිෂ්පාදනය කරනු ලබන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් වගා කටයුතු සිදු කරනු ලබන ගොවිපළවල වේ.