ඉරණමඩු හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන්කළ 172 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වෙයි

අප්‍රේල් 04, 2020

ඉරණමඩු හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ විදෙස් රටවල සිට මෙරටට පැමිණි 172 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් පරිදි ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතු  එහි අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් යූපීආර් පතිරණ විසින් සිදු කරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම් විසින් මෙම පුද්ගලයින්ගේ COVID-19 සඳහා සිදු කෙරෙන පරීක්‍ෂාවන් පැය 24 පුරාම සිදුකරන ලද අතර ඔවුන් සදහා 4G අන්තර්ජාල පහසුකම් ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇත.