නිවසේ සිට වැඩකරන කාලය සිකුරාදා දින දක්වා දීර්ඝ කෙරේ

අප්‍රේල් 05, 2020

නිවසේ සිට වැඩකරන කාලය හෙට සිට ලබන සිකුරාදා, එනම් අප්‍රේල් 06 දින සිට 10 දින දක්වා රජය විසින් තවදුරටත් දීර්ඝ කර ඇත.

අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ  ආයතන සඳහා මෙම කාලසීමාව අදාළ වේ.

COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා නිවසේ රැඳී සිටියදී රජයේ සේවාවන් එලෙසම  පවත්වාගෙන යාම සඳහා අදාළ සේවාවන්හි කාර්ය මණ්ඩලය වෙත ඔවුන්ගේ රාජකාරිවල දිගටම නිරත වීමට ඉඩ සැලසෙන පරිදි නිවසේ සිට වැඩ කිරීමේ (WFH) ක්‍රමවේදය රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

නිවසේ සිට වැඩ කිරීමේ (WFH) ක්‍රමය හඳුන්වාදීමේ පරමාර්ථය වන්නේ නව මාරාන්තික කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ඔවුන්ගේ රාජකාරි ආයතනවල අනවශ්‍ය ලෙස පුද්ගලයින් ඒකරාශිවිම වලක්වා ගැනීමයි.

මිට පෙර ක්‍රියා කළ අයුරින් නිවසේ සිට වැඩ කිරීමේ (WFH) ක්‍රියා පටිපාටිය අනුගමනය කරන ලෙසට රජය සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.