ඇඳිරි නීතිය අතරතුර නිවෙස්වලට වී සිටින ප්‍රදේශවාසීන් වෙනුවෙන් යුද්ධ හමුදා සංගීත කණ්ඩායමෙන් සංගීතමය වැඩසටහනක්

අප්‍රේල් 06, 2020

COVID-19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සහය වන ලෙස ‘නිවසේ රැඳී සිටින්න’ යන රජයේ ඉල්ලීම පිළිපදිමින්  නිවෙස් වලට වී සිටින හැව්ලොක් නගරයේ සහ රාජගිරිය මහල් නිවාසවල නිවැසියන්ගේ රසාස්වාදය පිණිස ශ්‍රී ලංකා හමුදාව තම අධි රිද්ම සංගීත කණ්ඩායමේ සහභාගීත්වයෙන් (Beat Group), එම මහල් නිවාස අසල ජංගම සංගීත ප්‍රසංගයක් ඊයේ පැවැත්වීය.

COVID-19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ  මගපෙන්වීම අනුව යුද හමුදා සංගීත කණ්ඩායම එම අවස්ථාවේදී ඔවුන්ගේ සංගීත කුසලතා ප්‍රදර්ශනය කරමින් ප්‍රසංගය වර්ණවත් කල අතර මේ සදහා ජනප්‍රිය ගායක ගායිකාවන්ද සහභාගී වූ අතර ප්‍රසංගයයේදී නිවැසියන් ද ගී ගයමින් හා නටමින් තම සතුට පල කරන කලහ.

භාතිය, සන්තුෂ් සහ උමාරියා සිංහවංශ යන ජනප්‍රිය ගායන ශිල්පීන්ද යුද හමුදා සංගීත කණ්ඩායම සමග සිය ජනප්‍රිය ගීත ගායනා කරමින් නිවැසියන්ට විනෝදාස්වාදය ලබා දීම සදහා එක්වුහ.