ආරක්ෂක හමුදාවන් විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් 3,372 කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය වෙමින් සිටී

අප්‍රේල් 06, 2020

ත්‍රිවිධ හමුදාව විසින් නිරෝධායන කටයුතු සිදුකරනු ලබන මධ්‍යස්ථානවල විදේශගත වූවන් ඇතුළු 3,169 දෙනෙකු දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට භාජනය වී ඇති බව රාජගිරිය COVID-19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන (NOCPCO) ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අද (අප්‍රේල් 06) දින නිරෝධායන කටයුතු අවසන් කර පිටත් කරන ලද පුද්ගලයින් 203 දෙනාද සමඟ නිවෙස් බලා පිටත්ව ගිය මුළු නිරෝධායන වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3372 ක් වේ.

තවද, අකුරණ ප්‍රදේශයෙන් සොයාගත් කොරෝනා රෝගියා සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට සැක කෙරෙන පුද්ගලයින් 144 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා යුද හමුදාව විසින් ඊයේ වවුනියාවේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී.

මහරගම ප්‍රදේශයෙන් සොයාගැනුණු කොරෝනා රෝගියා සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන පුද්ගලයින් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, රත්මලාන ප්‍රදේශයෙන් සොයාගැනුණු කොරෝනා ආසාධිත පුද්ගලයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 34 දෙනෙකු සහ ඔරුගොඩවත්තේ සිටි කොරෝනා රෝගියාගේ ඥාතීන්  21 දෙනෙකු ද නිරෝධායන කටයුතු සදහා පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇති බව COVID-19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.