ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධීක්ෂණයෙන් විඩත්තපලෙයි සහ කුන්ඩසාලේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 279 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ

අප්‍රේල් 06, 2020

විඩත්තපලෙයි සහ කුන්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි  දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කල පුද්ගලයින් 279 දෙනෙකු ඊයේ සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

අවසන් වෛද්‍ය පරීක්‍ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත නිරෝධායන සහතිකය ලබා දුන් අතර මෙම කණ්ඩායමට ගාල්ල, කොළඹ, මහනුවර, මහියංගනය, කැකිරාව සහ කුරුණෑගල ප්‍රදේශ දක්වා ප්‍රවාහන පහසුකම්ද සපයන ලදී.
 
ගමන අතරතුරදී ප්‍රෙයා්ජනයට ගැනීම සඳහා ඔවුන් වෙත කෙටි ආහාර, ජලය, දිවා ආහාර පැකට් සහ ළදරු ආහාර ද ලබා දෙන ලදී.