COVID-19 සැක සහිත රෝගීන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද බාහිර රෝගී අංශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දෙයි

අප්‍රේල් 06, 2020

COVID-19 ආසාධිත බවට සැක සහිත රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද නව බාහිර රෝගී අංශය අද ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකගේ උපදෙස් අනුව, කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු අංශයට අනුයුක්ත නිලධාරියෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් 30 දෙනෙකු විසින් දින හයක් ඇතුළත මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබුවේ ගම්පහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලින්   විසිනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ව්‍යාපෘතිය නිම කිරීම සඳහා අවශ්‍ය මිනිස්බලය සහ  ඉංජිනේරු දැනුම ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සදහා සිවිල් ඉංජිනේරු අංශයේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එම් බී සී ඩී  මුතුතන්ත්‍රී සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් කේ ටී ටී ඩී කොලඹතන්ත්‍රී සහභාගී විය.