ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම.

අප්‍රේල් 06, 2020

 • කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දන්වනතුරු ඇඳිරි නීතිය

ඉහළ අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 09) උදෑසන  6.00ට ඉවත් කොට නැවත එදිනම සවස 4.00ට යළි පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇදිරි නීතිය නැවත දැනුම්දෙනතුරු බලාත්මකව පවතින අතර කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල  නිරෝධායනයට ලක්කර හුදකලා ප්‍රදේශ  ලෙස නම් කර ඇති ගම්මාන නැවත දැනුම්දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සැලකේ.