නාවික හමුදා ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේදී

අප්‍රේල් 06, 2020

COVID-19 හේතුවෙන් ඇති වන ඕනෑම හදිසි තත්වයකට මුහුණ දීම සඳහා ජාතික රුධිර බැංකුවේ ප්‍රමාණවත් සංචිතයක් පවත්වා ගැනීමට සහාය වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දෙවන රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශයේදී සිදු කර ඇත.

නාවික ස්ථානගත කිරීම - හම්බන්තොට විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම ලේ දන් දීමේ වැඩහටහනේදී, දකුණු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නැවියන්  විශාල සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කරන ලදී.