අටුළුගම වැසියන් විසින් බොල්ගොඩ ජලාශය හරහා ගමන් කිරීමට ගන්නා උත්සාහයන් නාවික හමුදාව වලක්වයි.

අප්‍රේල් 06, 2020

 • ශ්‍රී ලංකා නාවික හමුදා  ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය  (RABS) බොල්ගොඩ වැවේ ස්ථානගත කර ඇත

බොල්ගොඩ ජලාශයට හරහා එහා මෙහා ගමන් කිරීමට ගත් උත්සාහයන් වලක්වාලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (අප්‍රේල් 5) දින සිට බොල්ගොඩ වැවේ යාබද ප්‍රදේශවල ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය  (RABS) යෙදවීමට කඩිනම්න් පියවර ගෙන ඇත.

ප්‍රදේශවාසීන් ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා බොල්ගොඩ ජලාශය  තරණය කිරීමට ගත් උත්සාහයන් පිළිබඳව විවිධ මූලාශ්‍රවලින් ලැබුණු තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීම සදහා ප්‍රවේශ මාර්ග තිබෙන අටුළුගම කිම්මන්තුඩාව ප්‍රදේශයේ මුර සංචාර යාත්‍රා දෙකක් යොදවා ඇත.

Defence.lk වෙත අදහස් දක්වමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සූරියබන්ඩාර මහතා පැවසුවේ නාවික හමුදාව ස්ථානගත වීමෙන් පසුව මෙතෙක් එවැනි කිසිදු උත්සාහයක් දක්නට නොලැබුණු බවයි.
 
“නාවික හමුදා මුර සංචාරක යාත්‍රා නිරන්තරයෙන් ප්‍රදේශය අධීක්‍ෂණය කරනු ලබන නිසා  නැවත දැනුම් දෙන තුරු බෝට්ටු පැදීමට සහ වෙනත් ප්‍රදේශවලට යාමට කිසිවෙකුට ඉඩ නොදේ” ඔහු පැවසිය.
      
මෑතකදී, එනම් මාර්තු 28 පියා සහ ඔහුගේ සහෝදරිය COVID-19 ආසාධිත බව තහවුරු වීමෙන්  අනතුරුව අළුත්ගම ප්‍රදේශය තුළ දැඩි ලෙස ගමනාගමන තහනමක් පනවනු ලැබීය.

ගමට ඇතුළු විය හැකි හරස් මාර්ග අටක් වසා දැමීමට පියවර ගෙන ඇති අතර, පළාත් පාලන බලධාරීන් විසින් අවට ප්‍රදේශ ද පොලිස් මාර්ග බාධක යොදා වැටලීමට කටයුතු කර ඇත.

රෝගියා විදේශගතව සිට මෙරටට පැමිණි අයෙකු වන අතර ඔහු තම ගම් ප්‍රදේශයේ  පදිංචිකරුවන් කිහිප දෙනෙකු සමග සම්බධතා පවත්වා ඇති බව වාර්තාගත වේ.

රෝගියා සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට සැක කෙරෙන සමහර පුද්ගලයින් වැඩිදුර පරීක්ෂණ සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් රැගෙන ගොස් ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමයට ආසන්නයේ පිහිටි සමහර ගම්මාන වලට   පිටස්තර පුද්ගලයින් ඇතුළු වීම තහනම් කර ඇත