නාවික හමුදාව වෙතින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලටම ලබාදෙයි.

අප්‍රේල් 07, 2020

ශ්‍රී ලංකා නාවික හමුදා රෝහල් මඟින් ප්‍රතිකාර ලබාගන්නා නාවික හමුදා විශ්‍රාමික හා සේවයේ නියුතු නාවිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට රට තුළ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින නිසා ඔවුන් හට අවශ්‍ය ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලටම ලබාදීම ආරම්භ කර තිබේ.

ඔවුන්ගේ සායනයන්හි වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන මාසික ඖෂධ වට්ටෝරුවට අදාළ ඖෂධ ඔවුන් වෙත ලබාදී ඇත.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මගපෙන්වීම අනුව දියත් කෙරන ලද මෙම වැඩසටහන තුළින් ඊයේ දින ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල රෝගීන්හට ඔවුනට හිමි මාසික ඖෂධ ප්‍රමාණය ලබාගැනීමට හැකිවිය.

දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.