ශ්‍රී ලංකා පාබළ හමුදා භටයින් සමෘද්ධි ප්‍රතිලාභීන් 258 දෙනා අතර සහනාධාර පාර්සල් බෙදා හරියි

අප්‍රේල් 07, 2020

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 65 වන සේනාංකයට අනුයුක්ත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කිලිනොච්චි හි තෙවන්පිඩ්ඩි සහ වෙල්ලන්කුලම් ප්‍රදේශවල සමෘද්ධී ප්‍රතිලාභීන් 258 දෙනෙකු අතර රජය විසින් ලබාදෙන ලද සහන සලාක පාර්සල් බෙදා හැරීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ඇත.

අදාළ ප්‍රදේශවල සමෘද්ධි නිලධාරීන් හමුදා සාමාජිකයින් සමඟ සම්බන්ධීකරණයවී කිලිනොච්චි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න සහ 65 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර ගේ අධීක්ෂණය සම මෙයෙවීම යටතේ මෙම වැඩසටහන දියත් කරන ලදි.