මුලතිව් ගොවීන්ගේ සහයට යුද්ධ හමුදාව ජංගම එළවළු විකිණීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි

අප්‍රේල් 07, 2020

64 වන සේනාංකයේ භට පිරිස් මුලතිව් නන්දිකඩාල් ප්‍රදේශයේ එළවළු ගොවීන්ට එම ප්‍රදේශයේ ජංගම රථමගින් තම එලවළු අලෙවි කිරීම සදහා අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ.

COVID -19 පැතිරීම පාලනය කිරීම සඳහා දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ගොවීන් හට තම අස්වැන්න විකිණීම සඳහා වෙළඳපොළට යාමට නොහැකි බැවින්, නිවෙස් අසලට ගොස් ජංගම රථමගින් තම එලවළු අලෙවි කිරීම සදහා අවශ්‍ය පහසුකම් ප්‍රාදේශීය සභාවේ සහ පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සපයා ඇත.

642 වන බලසේනාවේ සහ 17 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශීය ලේකම්වරයාගේද සහාය ඇතිව ග්‍රාම නිලධාරි, පොලීසිය සහ ප්‍රදේශයේ අනෙකුත්‍‍ සෞඛ්‍ය බළධාරීන් විසින් එළවළු ගොවීන් වෙත ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමෙන් අනතුරුව පසුගිය ඉරිදා (අප්‍රේල් 5) දින සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබීය.