නාවික මහ රෝහල - කොළඹ දිගු කාලීන ප්‍රතිකාර ලබන රෝගීන්ට ඖෂධ බෙදා දෙයි

අප්‍රේල් 08, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ නාවික හමුදා මහ රෝහලේ සායනවලට සහභාගී වන විශ්‍රාමික, සේවය කරන නාවික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අතර මාසික බෙහෙත් වට්ටෝරු බෙදා හැර තිබේ.

අප්‍රේල් 8 වනදා සිට ශ්‍රී ලංකා නාවික හමුදා රෝහල් වලට පැමිණෙන නාවිකයින් අතර ගෙන් ගෙට ඖෂධ බෙදා හැරීම ආරම්භ කරන ලද, අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, කෑගල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක වෙත වැඩසටහන ව්‍යාප්ත කරන ලදි.

 වෛද්‍යවරුන් විසින් නියම කරන ලද බෙහෙත් වට්ටෝරු 168 ක් නාවික හමුදාව විසින් මේ දක්වා රෝගීන් අතර බෙදා දී ඇත.

රට තුළ COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නිසා එම රෝගීන්ට අදාළ රෝහල්වලට යාමට නොහැකි වූ බැවින් ඖෂධ බෙදා හැරීමට නාවික හමුදාව තීරණය කර ඇත.

කොළඹ නාවික රෝහලෙන් දීගු කාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා නාවික හමුදා සේවයේ නියුතු, විශ්‍රාමික හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම වැඩසටහන යටතේ ඔවුන්ගේ මාසික බෙහෙත් වට්ටෝරු ලබා දී ඇත.