අතහැර දැමූ ඇමරිකන් හඩ ගොඩනැගිල්ල යුධ හමුදාව විසින් නව හු‍දෙකලා රෝහලක් බවට පරිවර්තනය කරයි

අප්‍රේල් 08, 2020

- ඇඳන් 40 ක් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා රොබෝ තාක්ෂණයෙන් සහ ස්වයංක්‍රීය නියමු වාහන වලින් සමන්විත වේ

ශ්‍රී ලංකා යුද හමුදාව රෝගීන් සඳහා ඇඳන් 40 කින් සමන්විත නව හුදෙකලා රෝහලක් පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත, ඉරණවිල ප්‍රදේශයේ ඊයේ (අප්‍රේල් 7) විවෘත කළේය.

යුද හමුදා මාධ්‍ය ඒකකයට අනුව, අතහැර දමා ඇති ඇමරිකන් හඩ ගොඩනැගිලි සංකීර්ණය සති දෙකකට අඩු වාර්තාගත කාලයකදී කොරොන වයිරස් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීන හුදකලා මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන අයගේ ශක්‍යතා අධ්‍යයන සංචාරයකින් අනතුරුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇති පහසුකම් ඉහළ නැංවීමේ පුළුල් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

සමාරම්භක අවස්ථාවට අමාත්‍ය වන්නිආරච්චි  සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජාසිංහ  සහභාගී වූහ.

මීට අමතරව, ප්‍රතිකාර සඳහා රොබෝ තාක්‍ෂණය එක් කිරීම තුලින් වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළු 34 දෙනෙකුගේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සහතික කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හේමාස් පුද්ගලික සමාගම සහ ඇට්ලස් සමාගම ඔවුන්ගේ විශේෂඥ දැනුම රෝහලට රෝබෝවරුන් ඇතුළත් කිරීමට අනුග්‍රහය දැක්වීය. එමගින් රෝගීන්ට ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දෙන ලදි.

පලවන ඉංජිනේරු සේවා බලකායේ හි අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආසිරි මුහන්දිරම්ගේ ගේ  අධීක්‍ෂණය යටතේ බලකායේ භට පිරිස් සති දෙකකට අඩු කාලයකදී හදිසි අවස්ථාවකදී භාවිතා කල හැකි අයුරින් සම්පූර්ණ ගොඩනැගිල්ලම වැඩිදියුණු කිරීමේ හා සකස් කිරීමේ කාර්යය සම්පූර්ණ කරන ලදි.

මෙම සංකීර්ණය සනීපාරක්ෂක හා ඉවුම් පිහුම් පහසුකම්, විවේකාගාර, පැන්ට්රි, මුළුතැන්ගෙය සහ වෙනත් පහසුකම් වලින් සමන්විත වේ.