සමාජ මාධ්‍යවල ව්‍යාජ පලකිරිම් හා එවා ව්‍යාප්ත කරන පුද්ගලයින් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබේ

අප්‍රේල් 08, 2020

•    නිරෝධායන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

COVID-19 සම්බන්ධව අසත්‍ය වීඩියෝ පට සමාජ මාධ්‍ය හරහා ප්‍ර‍චාරය කරමින් සිටි කැලණියමුල්ල හි පදිංචිකරුවෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කර අප්‍රේල් 16 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මේ අතර, COVID-19 ආසාදිත රෝගීන් පොල්ගහවෙල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පවසමින් සමාජ මාධ්‍යවල ව්‍යාජ ප්‍රවෘත්ති පළ කර ඇති තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

නිරෝධායන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට උත්සාහ කළ පුද්ගලයින් 9 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පැවසුවේ, ජනතාව අතර භීතියක් ඇති කිරීම හා නොමඟ යැවීම සඳහා සමාජ මාධ්‍ය සහ වෙනත් දේ හරහා අහිතකර ලිපි, වීඩියෝ සහ ව්‍යාජ ප්‍රවෘත්ති පළ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය, රහස් පොලිසිය සහ පොලිස් මාධ්‍ය ඒකකය දැඩි අවධානයෙන් සිටින බවයි.