ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගම රු. මිලියන 10 ක් ‘Fight for Covid-19 Fund’අරමුදල සඳහා පරිත්‍යාග කරයි

අප්‍රේල් 09, 2020

ගෝලීය ෆෙයාර්ෆස්ට් සමූහයේ කොටසක් වන ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගම  විසින් එහි සේවකයින් විසින් එකතු කරන ලද රු. මිලියන 10 ක්, , නව කොරෝනා  වෛරසය  පැතිරීම පාලනය කිරීම සඳහා රජයේ පියවරයන්ට සහාය වීම සඳහා පිහිටුවන ලද ‘Fight for COVID-19 අරමුදල’ වෙත පිරිනමන ලදී.   

කැනඩාවේ ටොරොන්ටෝ හි මූලස්ථානය පිහිටි ප්‍රමුඛ දේපල හා අනතුරු රක්‍ෂණ, ප්‍රති රක්‍ෂණ සහ ආයෝජන කළමණාකරුවෙකු වන ෆෙයාර්ෆස්ට් රක්‍ෂණ සමාගම අද ශ්‍රී ලංකාවේ ඉහළම සාමාන්‍ය රක්‍ෂණ සමාගම් අතර වේ.   

ෆෙයාර්ෆස්ට් විසින් සෞඛ්‍ය සේවකයින්ගේ සහ හමුදාවන්ගේ ආරක්ෂාව සඳහා ශරීර ආවරණ සහ මුහුණු ආවරණ බෙදා හැරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත.   

සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව් ජා සහ සමාගම් නියෝජිතයින් විසින් රු. මිලියන 10 ක චෙක්පතක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ආරක්ෂක අමාත්‍යාංශයේ දී ප්‍රදානය කරන ලදි.

COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා සටන් කිරීමට   ඉදිරිපත් වීඇති පෙරටුගාමී බලවේගයන්ගේ ඉමහත් කැපවීම පිළිබඳව ආචාර්ය ජා කෘතවේදිතාව පළ කළේය.

මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී තත්වය පාලනය කිරීම සඳහා සහයෝගය දැක්වීමේ වගකීම සෑම පුද්ගලයෙකුටම ඇති බව ඔහු පැවසීය.

“එවැනි අවශ්‍යතා සඳහා අපගේ සම්පත් භාවිතා කරන විට අපගේ ව්‍යාපාරය උසස් වේ. ෆෙයාර්ෆස්ට් හි, අපි සැමවිටම විශ්වාස කරන්නේ ප්‍රජාවේ යහපැවැත්මට සහාය දීම යුතුකම බවයි. එකිනෙකා සමඟ සංවේදනයෙන් යුතුව හා එකිනෙකා සමඟ විශ්වාසයෙන් යුතුව අපි මෙම තර්ජනය ජය ගනිමු.” ඔහු පැවසිය

මෙම අවස්ථාව සඳහා රක්‍ෂණ නියෝජිතයින් වන ඩිලාන් මිචෙල්, සංජේ සිරිවර්ධන සහ “හරිමග”සභාපති කනිෂ්ක ද සිල්වා යන මහත්වරු සහභාගී වූහ.