නාවික හමුදා රෝහලෙන් ප්‍රථිකාර ලබාගන්නා නාවික හමුදා රෝගීන්ට ඔවුන්ගේ බෙහෙත් නිවෙස්වලට ලබා දීමේ වැඩසටහනක්

අප්‍රේල් 09, 2020

වැලිසර නාවික මහ රෝහල මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික, දැනට සේවයේ නියුතු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සදහා ඔවුන්ගේ ඖෂධ නිවෙස්වලට ගෙනගොස් ලබාදීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 08) ක්‍රියාත්මක කරන ලදි. එහිදී ඖෂධ අඩංගු පාර්සල් 186 ක් ඔවුන් වෙත බෙදා දිම සිදු කරන ලදී.

වෛද්‍යවරුන් විසින් අවසන් වරට නිර්දේශ කරන ලද ඖෂධ වට්ටෝරුවට අදාළ ඖෂධ ඔවුන්ගේ නිවාස වලට ගොස් ලබා දෙනු ලැබේ. තවද, නාවික මහ රෝහල විසින් ඔන්ලයින් ක්‍රමයට ඖෂධ අයදුම් කිරීමේ සේවාවක් සඳහා වන පහසුකම්ද සලසා ඇත.