සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අඛණ්ඩව සිදුකරයි

අප්‍රේල් 09, 2020

අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම අඛණ්ඩව සිදුකරමින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (අප්‍රේල් 8) දින මොරටුව මඩම්පිටිය ප්‍රදේශවාසින් අතර පලතුරු හා එළවළු බෙදා හැර තිබේ.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්ගේ උපදෙස් අනුව ඔවුන් විසින් මාරාන්තික වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය නිසා පීඩාවට පත් ජනතාව වෙත සහන මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම ආරම්භ කර තිබේ.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපලවල් හි වගා කරන ලද පළතුරු සහ එළවළු මෙසේ අලෙවි කෙරේ.