ගාල්ල ධිවර වරායේ වරායේ ට්‍රෝලර් යාත්‍රාවක හටගත් ගින්නක් මැඩලීමට නාවික හමුදාවේ සහය

අප්‍රේල් 10, 2020

ගාල්ල ධිවර වරායේ බහු දින ධීවර යාත්‍රාවක ඇතිවූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදාවේ දකුණු නාවික විධාන ගිනි නිවීමේ ඒකකය ඊයේ (අප්‍රේල් 8) දින කටයුතු කර ඇත.

ගාල්ල ගිණිනිවීමේ ඒකකය සමඟ ඒකාබද්ධව සිදුකල මෙහෙයුමක දී ගින්න මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව ජල බවුසර් දෙකක් යොදවා තිබුණි. ගිනි නිවන භටයින් ගින්න ව්‍යාප්ත වීමට ඉඩනොදී සම්පූර්ණයෙන් නිවා දැමීම‍ හේතුවෙන් යාබද යාත්‍රා වලට ගින්නෙන් හානි සිදුවී නොමැත.

වරාය පොලිසිය මගින් විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබන අතර ගින්නට හේතුව බලධාරීන් විසින් මෙතෙක් තහවුරු කරගෙන නොමැත.