මුලතිව් ඇඳිරි නීතිය උල්ලංඝණය කල පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට

අප්‍රේල් 10, 2020

මුලතිව් වඩ්ඩුවාක්කල් මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගමන් කල පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අප්‍රේල් 8 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

කැබ් රථ දෙකක ගමන් කරමින් සිටි මෙම පුද්ගලයින් ඇදිරි නීති බලපත්‍ර නොමැතිව එළවළු ප්‍රවාහනය කරමින් සිටියහ.