කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන්කළ 37 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ.

අප්‍රේල් 10, 2020

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 28 ක නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ පුද්ගලයින් 37 දෙනෙකු ඊයේ (අප්‍රේල් 9) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

යුද හමුදා මාධ්‍ය ඒකකයට අනුව, මෙම පුද්ගලයින්ගේ වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු නිරෝධායන සහතික ලබාදෙන ලදී.