නාවික හමුදාව විසින් වැඩිදියුණු කරන ලද විෂබීජ නාශක කුටියක් කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කෙරේ.

අප්‍රේල් 10, 2020

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද තවත් විෂබීජ හරණය සිදු කල හැකි කුටියක් කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත අද (අප්‍රේල් 10) දින භාර දෙන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ අධීක්ෂණය යටතේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

දීනපතා ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණෙන විශාල පිරිසකට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සදහාද මෙම නව විෂබීජ හරණය සිදුකල හැකි කුටිය ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.