සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පුවක්පිටිය ප්‍රදේශවාසීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට අලෙවි කරයි

අප්‍රේල් 10, 2020

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (අප්‍රේල් 9) දින සහන මිලකට මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේ ජනතාව අතර අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කර තිබේ.

අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්ගේ උපදෙස් අනුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පවතින ඇඳිරි නීතිය යටතේ නිවාස වලට සීමා වී සිටින ජනතාව අතර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අඛණ්ඩව සිදු කරයි.