නාවික හමුදාව විසින් ස්වයං නිරෝධායනය වෙමින් සිටි සීදුව ප්‍රදේශවාසීන් 28 දෙනෙකු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට පිටත් කර යවයි

අප්‍රේල් 10, 2020

ප්‍රදේශයේ COVID-19 පැතිරීමේ අවදානමක් ඇති බව සොයා ගැනීමෙන් පසු ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබියදී එම ක්‍රියාවලිය මගහරිමින් සිටි සීදුව ප්‍රදේශවාසීන් 28 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බටහිර නාවික විධාන බුද්ධි අංශ විසින් ජාඇල මරදමඩු දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමන්, ජාඇල පොලීසිය සහ දිසා වෛද්‍ය අංශයේ නිලධාරීන් විසින් සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍යට අනුව, ඔවුන් ඔලුවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතය.