COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෝමගම මූලික රෝහල් වාට්ටුව නවීකරණය කරයි

අප්‍රේල් 11, 2020

හෝමගම මූලික රෝහලෙන් ලැබුණු ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක  කඳවුරේ සිවිල් ඉංජිනේරු අංශයේ  කණ්ඩායමක් විසින් COVID-19 සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා  එම රෝහලේවෙන්කර ඇති  අංක 1 වාට්ටුව   නවීකරණය කරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් පරිදි සහ සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ, නිලධාරියෙකු සහ ගුවන් භටයින් 10 දෙනෙකුගෙන් සමන්විත  ඉංජිනේරු කණ්ඩායම දින 3 ක් ඇතුළත වාට්ටුව නවීකරණය  කිරීම සම්පූර්ණ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබුවේ හෝමගම ප්‍රදේශයේ පරිත්‍යාගශීලින් විසිනි. ව්‍යාපෘතිය නිම කිරීම සඳහා අවශ්‍ය  මිනිස්බලය  හා ඉංජිනේරු විශේෂඥ දැනුම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලබා දුනි .