COVID-19 ට එරෙහිව දැඩි කැපවීමෙන් රාජකාරී කරන පොලිස් සාමාජිකයින් වෙත රු. 5,000 බැගින් මුදල් ත්‍යාග

අප්‍රේල් 11, 2020

ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ එයට පහළ තනතුරුවල සියලුම පොලිස් නිලයින්ට COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ඔවුන් විසින් සිදු කරන ලද පරාර්ථකාමී සේවය අගයමින් රු. 5,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමේ.

පොලිස් මූලස්ථානය විසින් අද (අප්‍රේල් 11) දින නිකුත් කරන ලද නිවේදනයකින් සදහන් කර තිබෙන්නේ  වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් මාර්තු 11 වන දින සිට රාජකාරියේ යෙදී සිටින සෑම පොලිස් නිලධාරියෙකුටම රු. 5,000 ක මුදල් ත්‍යාගය හිමි වන බවයි.

මුදල් ගෙවීම් සදහා වන  සුදුසුකම් පිළිබඳ නිර්ණායක සහ උපදෙස් මේ වන විටත් අදාළ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබා දී ඇති බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.